“රට නගන ගුරු පවුර” ලංකා ගුරුසේවා සංගමයේ අභිමානවත් ජාතික සමුළුවට එක්වීමි. (Photos)

අධ්‍යාපනය රටේ ප්‍රමුඛතාවක් බවට පත් කරගෙන ඇති වර්තමානයේ, “පොහොසත් රටක් තුළ පොහොසත් අධ්‍යාපනයක” සිහිනය මල්ඵල ගැන්වීම වෙනුවෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ කැප වීම ශපථ කරමින් අද (17) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවති “රට නගන ගුරු පවුර” ලංකා ගුරුසේවා සංගමයේ අභිමානවත් ජාතික සමුළුවට එක්වීමි.

වත්මන් රජය බලයට පත් කර ගැනීමට මහා සක්‍රීය බලවේගයක්ව ක්‍රියාත්මක වූ අයුරින්ම, රටට අවශ්‍ය නව පරිවර්තනය වෙනුවෙන් වසර කිහිපයක් එකට වැඩ කරමු‘යි මෙහිදි ගුරු පරපුරට ආරාධනා කළ මම, අධ්‍යාපනයේ පමණක් නොව රටේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිශීලි සහ ඉදිරිගාමී පරිවර්තනයක් වෙනුවෙන් රජය ඇරඹූ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ වාහකයන් සහ ආරක්ෂකයන් බවට පත් වන ලෙසද ඔවුන්ට ආරාධනා කළෙමි.

එසේම, තමන්ට අහිමි වූ අනාගතය තම දරුවන්ට උදා කර දීම වෙනුවෙන් සිහින දකින සුවහසක් දෙමාපියන්ගේ ප්‍රාර්ථනා ඉටු කිරීම වෙනුවෙන් රජය කැප වන බවත්, ඒ සඳහා ඉතා ඉහළ ධාරිතාවක් සහිත මානව සම්පතක් ගොඩනැඟිය හැකි අන්දමින් අධ්‍යාපනයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බවත් පෙන්වා දෙමින්, මත්ද්‍රව්‍ය උවදුරින් මෙරට දරු පරපුර ගලවා ගෙන, ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට කටයුතු කරන බව අවධාරණය කළෙමි.

Similar Posts