ඉන්දියානු සහ ආජන්ටිනා නායකයෝ ඩ්‍රෝන යානා ගැන සාකච්ඡාවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආර්ජන්ටිනා සංචාරයේදී එරට ජනාධිපති ජේවියර් මිලෙයි සමඟ ඩ්‍රෝන් තාක්‍ෂණය වැනි නව ක්ෂේත්‍රවල සහයෝගීතා මාර්ග පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

නායකයින් දෙපළ අතර ද්විපාර්ශ්වික හමුවෙන් පසු මාධ්‍ය හමුවක් අමතමින් විදේශ කටයුතු ලේකම් (නැගෙනහිර) පී. කුමාරන් කියා පවසා තිබුණේ, අගමැති මෝදි සහ මිලෙයි අතර සංවාදය ඩ්‍රෝන යානා භාවිතය සහ ඒවා යෙදිය හැකි බහුවිධ අරමුණු ඔස්සේ සැලකිය යුතු ලෙස පැවැති බවයි.

මසුන් ඇල්ලීමේදී නීති විරෝධී, නියාමනය නොකළ සහ වාර්තා නොකළ මසුන් ඇල්ලීම යන ගැටලු හමුවේ විශේෂයෙන් ධීවරයින් ආර්ජන්ටිනාවේ සුවිශේෂී ආර්ථික කලාප ආක්‍රමණය කිරීම සඳහා එය භාවිතා කිරීම ගැන ද එහි දී සාකච්ඡාවට ලක්ව තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Similar Posts