පළමු මාස 08 තුළ කොළඹ වරායෙන් බිලියන 32.2ක ශුද්ධ ලාභයක්

වසරේ පළමු මාස 08 තුළ කොළඹ වරායෙන් රුපියල් බිලියන 32.2ක ශුද්ධ ලාභයක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය වසරේ පළමු මාස 08 තුළ උපයා ඇති ශුද්ධ ලාභය රුපියල් බිලියන 18. 9 ක් බවයි.
2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ශුද්ධ ලාභය වැඩි වීම බිලියන 13 ක් පමණ වනවා.
ඒ අනුව එය ප්‍රතිශතයක් ලෙස 71%ක වර්ධනයක්.
2025 පළමු මාස 08 තුළ ඇස්තමේන්තුගත ලාභය රුපියල් බිලියන 21 ක් පමණ වන අතර, ඒ අනුව ඇස්තමේන්තු ගත ඉලක්කය ඉක්මවා වැඩිපුර රුපියල් බිලියන 11 ක් ඉක්මවීමට සමත්ව තිබෙනවා.
නැගෙනහිර පර්යන්තය සහ ජය බහාලුම් පර්යන්තය වැනි ඉදිකිරීම් නිම වීමත් සමඟම ඉදිරියේ දී ධාරිතාව තවදුරටත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරන්නේ.