පාස්කු ප්‍රහාරයේ සාකච්ඡා කළ සංවේදී කරුණක් ට්විටර් ගිණුමේ පළ කළ මන්ත්‍රී කාරක සභාවෙන් නෙරපිය යුතුයි – ඇමැති වසන්ත සමරසිංහ

පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවේ සාකච්ඡා කළ සංවේදී කරුණු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රසිද්ධ කළ විපක්ෂ මන්ත්‍රීවරයා එම කාරක සභාවෙන් නෙරපිය යුතු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා ගත් බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න උසස් නිලතල කාරක සභාවේදී කළ බව කියන ප්‍රකාශයක් සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී නිෂාම් කාරියප්පර් මහතා සිය ට්විටර් ගිණුමේ පළ කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව අදහස් දක්වමින් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

මේක තමයි ප්‍රශ්නය. කතා කරන්න ඕනෑ දේ හා කතා කළ යුතු තැන ගැන ප්‍රශ්නයක් මේ තියෙන්නේ. උසස් නිලතල කාරක සභාව ප්‍රධාන කාරක සභාවක්. කැඳවන්නේ අගමැතිතුමිය. ඒ කාරක සභාවට එන නිලධාරීන් කාරක සභාව විශ්වාස කරලා අහන ප්‍රශ්නවලට දෙන උත්තර කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයෙක් ට්විටර් කරනවා නම් පෞද්ගලික ගිණුමකින් ප්‍රචාරය කරනවා නම් ඒක විශාල වරදක්. ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ පවත්වන්න ඕනෑ.

Similar Posts