කටුගස්තොටන් ගජමුතු 02ක්

මහනුවර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් 2025.10.16 වන දින දහවල් කටුගස්තොට පොලිස් වසමේ පල්ලේ බොකලවල ප්‍රජාශාලාව අසළ සිදුකළ වැටලීමක් මගින් ඇතුන්ගේ දළ ආශ්‍රිතව නිර්මාණය වන ගජමුතු 02 ක් සන්තකයේ රැදී සිටි සැකකරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අඹතැන්න ගොකලවෙල හා හරස්පාර කටාන හල්පේ ප්‍රදේශවල ප්‍රදේශවල පදංචිකරුවන් දෙදෙනා ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 800 සහ බරග්‍රෑම් 06 මිලිග්‍රෑම් 800 ක් පමණ වන අදළ ගජමුතු යුගල සමඟ කටුගස්තොට පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට පියවරගෙන ඇති අතර කටුගස්තොට පොලිස් ස්ථානය විසින් එම ගජමුතු ලැබුනු ආකාරය ඇසුරින් විමර්ශන සිදුකර මෙම ජාවාරමට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඉදිරි විමර්ශන සිදුකරයි.

Similar Posts