සර්වජන බලයට ජන්ද 35ක ජයක් …

ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ආසනයට අයත් කිරිඳිවිට කොට්ඨාශයේ එකමුතු ප්‍රජා බල මණ්ඩලයේ නව නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේදී මෙවර සුවිශේෂී ජයග්‍රහණයක් සර්වජන බලයට හිමි විය. 80කට අධික සාමාජිකයින්ගෙන් සමන්විත මෙම මණ්ඩලයේ බලය මෙතෙක් තහවුරු කරගෙන සිටි ජාතික ජන බලවේගය පරාජයට පත් කරමින් මෙම ජයග්‍රහණය තහවුරු කර ගන්නා ලදී.
සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ උපදෙස් හා සර්වජන බලය ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ව්‍යවසායක ජයන්ත අතපත්තු මහතාගේ නායකත්වය යටතේ, ගම්පහ ආසනයේ සංවිධායක සහ කොට්ඨාස නායක චූලා බණ්ඩාර මහතාගේ කැපවීම හා මඟපෙන්වීම මත ගම්වාසීන්ගේ පුළුල් සහයෝගය මෙම ජයග්‍රහණයට මූලික විය.
නිලවරණයේදී චූලා බණ්ඩාර මහතා විසින් නම් කරන ලද සර්වජන බලයේ අපේක්ෂිකාව ලේකම්වරිය ලෙස විශිෂ්ට ලෙස තේරී පත්වූ අතර, සභාපතිවරයා ඇතුළු අනෙකුත් සියලුම නිල තනතුරු නිතරඟයෙන් සර්වජන බලයට හිමි වීම මෙම ජයග්‍රහණයේ විශේෂත්වයක් ලෙස සැලකේ.
මෙම ප්‍රජා බල මණ්ඩලයේ ලියාපදිංචි වූ 80කට අධික සාමාජිකයින් එදින පැමිණ සිටියද, නව චක්‍ර ලේඛනය අනුව ජන්දය භාවිතා කළ හැක්කේ පෙර අවස්ථාවේ ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ විට ජන්දය භාවිතා කළ 41 දෙනාට පමණක් බව නිලධාරීන් විසින් දැනුම් දෙන ලදී. ඒ හේතුවෙන් ගම්වාසීන් අතර දැඩි විරෝධයක් ඇතිව උණුසුම් තත්ත්වයක් මතු වුවද, පසුව දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇතිව ජන්ද විමසීම පවත්වා ගැනීමට හැකි විය.
එහිදී ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ අපේක්ෂිකාවට ජන්ද 06ක් හිමි වූ අතර, සර්වජන බලය නියෝජනය කළ අපේක්ෂිකාවට ජන්ද 35ක් ලබාගෙන විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි විය.
මෙම නිලවරණය සඳහා ගම්පහ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.