පළමු 20-20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පළමු 20-20 තරගය මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
එය පැවැත්වුණේ දිවා රාත්‍රී තරගයක් ලෙසින්.
එහිදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනූව පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ Parvez Hossain Emon සහ Tanzid Hasan පිටියට පිවිසියා.
එහිදී පළමු කඩුල්ල ලෙස Tanzid Hasan ලකුණු 16කට දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම් නායක Litton Das ලකුණු 6කට දවාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනූව Parvez Hossain Emon ලකුණු 38කට දැවී ගිය අතර Mohammad Naim නොදැවී ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ අනූව බංග්ලාදේශ ඉනිම පන්දුවාර 20ක් අවසානයේ කඩුළු 5කට ලකුණු 154කට සීමා වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ පන්දු වාර 4ක් තුළ ලකුණු 37කට කඩුළු 2ක්ද, දසුන් ශානක පන්දුවාර 4ක් තුළ ලකුණු 22කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.
ඒ අනූව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 155ක ඉලක්කයක් හිමි වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පැතුම් නිශ්සංක පන්දු 16කදී ලකුණු 42කට දැවී ගිය අතර විශිෂ්ඨ ඉනිමක් දියත් කල කුසල් මෙන්ඩිස් පන්දු 51කදී ලකුණු 73ක් රැස්කර ගත්තා.
ඊට අමතරව කුසල් ජනිත් පෙරේරා ලකුණු 24ක් රැසකර ගැනීමට සමත් වූ අතර ඒ අනූව පන්දු වාර 19ක් තුළ කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 159ක් රැසකර ගනිමින් ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී Mohammad Saifuddin පන්දු වාර 3ක් තුළ ලකුණු 22කට කඩුළු 1ක්ද, Mehidy Hasan Miraz පන්දුවාර 4ක් තුළ ලකුණු 24කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකාව හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන 20-20 තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ලබන 13 වැනිදා මෙරට වේලාවෙන් පස්වරු 7ට දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.