විෂ මත්ද්‍රව්‍ය උවදුර පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම සමාරම්භක අවස්ථාවට අද (30) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී.

විෂ මත්ද්‍රව්‍ය උවදුර පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම සමාරම්භක අවස්ථාවට අද (30) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එක්වීමි.
මේ වන විට ජාතික ව්‍යසනයක් බවට පත්ව පාසල් දරුවන්ගේ මෙන්ම තරුණ ප්‍රජාවගේ ජීවිත අවදානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කර ගනිමින් බොහෝ අපරාධ සිදු වන බවටද නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව විෂ මත්ද්‍රව්‍යවලට එරෙහි පුළුල්ම මහජන ව්‍යාපාරය ගොඩනඟමින්, නියත වශයෙන්ම විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දමා අනාගත පරපුරත්, සමාජයත් එම ව්‍යසනයෙන් ගලවා ගන්නා බව මෙහිදී අවධාරණය කළ මම, වහාම එයින් ඉවත් වන ලෙස විෂ මත්ද්‍රව්‍ය අළෙවි කරන්නන්ට සහ ඒ සදහා ඇබ්බැහි වූවන්ට දැනුම් දුන්නෙමි.
අත්අඩංගුවට ගැනීම, පුනරුත්ථාපනය, නිවාරණය, මහජන තෙරපුම, ආගම, ක්‍රීඩාව, කලාව සහ සංස්කෘතිය යන බහුවිධ ක්ෂේත්‍ර ඔස්සේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවන බව පැවසූ මම, එකී ජාතික කාර්යභාරය වෙනුවෙන් එක් වන ලෙස සියලු දෙනාට ආරාධනා කළෙමි.



