අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විපක්ෂය පෙනී සිටි …

උසස් අධිකරණ පද්ධතියක් පැවතීම රටකට ආශිර්වාදයක් සහ විශාල ශක්තියක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.
නමුත් මාලිමා රජය බලයට පැමිණි පසු අධිකරණයේ ස්වාධීනත්වය බිඳ දැමීමට විවිධ පියවර ගනිමින් සිටින බව නිරීක්ෂණය වේ.
අධිකරණ සේවයේ විනිසුරුවරුන්ගේ ඉවත් කිරීම්, මාරු කිරීම් සහ උසස්වීම් ආදියට දේශපාලන මැදිහත් වීම් සිදුවේ.
ඇතැම් අවස්ථාවල පොලිස්පතිවරයාගේ උවමනාවට විනිසුරුවන් ඉවත් කිරීමේ පුවත් පවා ඉතිහාසයේ පළමු වරට අප අත්දකිමින් සිටියි.
අධිකරණය යනු පොලීසියේ රබර් මුද්‍රාවක් නොවේ. අධිකරණය යනු මෙරට මහජනතාවගේ පරමාධිපත්‍ය බලය උසුලන ත්‍රිමූර්තියෙන් එකකි.
මෙවැනි සිදුවීම් මෙරට උත්තරීතර අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන විශාල අභියෝගයකි.
එම තත්ත්වය හමුවේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටීම ව්‍යවස්ථාදායකය වශයෙන් අපගේ වගකීමකි.
ඒ හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදු කරන අධිකරණ නිළධාරීන්ගේ පත්කිරීම්, ඉවත් කිරීම්, මාරුවීම් සහ උසස්වීම් පිළිබඳව පරීක්ෂා කර බැලීම සඳහා වූ විශේෂ කාරක සභාවක් පිහිටුවීමේ යෝජනාවක් කථානායකවරයාට ඉදිරිපත් කළෙමි.
ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු cවිපක්ෂයේ පක්ෂ ගණනාවක මන්ත්‍රීවරුන් රැසක් එක් වූ අතර සර්වජන බලයේ නායකයා ලෙසට මමද යෝජනාවට සහය පල කලෙමි