නුගේගොඩ රැළියට පොලීසියෙන් නියෝගයක්!

විපක්ෂයේ සියලු පක්ෂ විසින් අද (21) නුගේගොඩ දී පැවැත්වීමට නියමිත රැලිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි.
මෙම නිවේදනයට අනුව උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකරන ලෙසත් විභාග කටයුතු වලට බාධා නොවන ආකාරයට කටයුතු කළ යුතු බවටත් සඳහන් වෙයි.
