මොජ්ටබා කමෙයිනිට ඩොලර් මිලියන 10 ත්‍යාගයක් ..

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටබා කමෙයිනි ඇතුළු ඉරාන ඉහළ පෙළේ නායකයින් කිහිප දෙනෙකු පිළිබඳ ඔත්තු සපයන අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ත්‍යාගයක් පිරිනමන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

කමේනිට අමතරව, මෙම ලැයිස්තුවට ඉරානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ද ඇතුළත්. ඉරාන හමුදා ස්ථාන ඉලක්ක වෙත එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් පසුව කලාපීය ගැටුම් උත්සන්න වීමත් සමග පසුගිය සිකුරාදා අමෙරිකාව මෙම පියවර ගෙන තිබෙනවා.

මෙම දිරිගැන්වීම ලබාදී ඇත්තේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ” Rewards for Justice ” වැඩසටහන යටතේයි. ත්‍රස්තවාදයට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයින් සොයා ගැනීම හෝ යුක්තිය ඉදිරියට ගෙනයාම ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

Similar Posts