අධ්‍යාපන අමාත්‍යවරිය එරෙහි විශ්වාසභංගට දිලිත් අත්සන් කරයි ..

අධ්‍යාපන අමාත්‍යවරිය වන හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දිලිත් ජයවීර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලැබීය.
අද (07) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ඔවුන් මෙම විශ්වාසභංගයට අත්සන් තබා ඇත.
වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් පැවතීම හේතුවෙන් සහ ඒ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම හේතුවෙන් හරිනි අමරසූරියට එරෙහිව මෙලෙස විශ්වාසභංගය යෝජනාවක් අත්සන් කර තිබේ.