ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 76 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරය අදට (ඔක්. 10) යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියසදී පසුගියදා (08) පැවැත්වුණා.

යුද්ධ හමුදා දින­යට සම­ගා­මීව විවිධ ආග­මික වැඩ­ස­ට­හන් රාශි­යක් සංවි­ධා­නය කර තිබූ අතර, ධජ­යන්ට සෙත් පැතීමේ වැඩ­ස­ට­හන් යුද්ධ හමු­දා­පති ලුති­නන් ජෙන­රාල් ලසන්ත රොද්‍රිගෝ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ජය ශ්‍රී මහා බෝධිය, කිරි­වෙ­හර, කත­ර­ගම දේවා­ලය, ශ්‍රී දළදා මාළි­ගාව, කෝට්ටේ සාන්ත තෝමස් දෙව්මැ­දුර, කොල්ලු­පි­ටිය ජුම්මා පල්ලිය හා වවු­නි­යාව ශ්‍රී කන්ද­ස්වාමි කෝවි­ලේදී පැවැ­ත්වුණා.

Similar Posts