“දරුව මගේ නෙවෙයි” චාමික කරුණාරත්නග DNA වාර්තාවක් කැඳවිමට විරුද්ධ වේ..

සිය දරුවාගේ පීතෘත්වය සනාථ කිරීම සඳහා ක්රිකට් ක්රීඩක චාමික කරුණාරත්නගේ DNA වාර්තාවක් කැඳවන ලෙස පුද්ගලික ගුවන් සමාගමක ගුවන් නියමුවරියක් අධිකරණයෙන් කළ ඉල්ලීමක් වගඋත්තරකාර චාමික කරුණාරත්නගේ නීතිඥවරයා ප්රතික්ෂේප කරනු ලැබුවා.
තමා සමඟ විවාහ වන ලෙස හෝ එසේ නොමැති නම් තම දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක් ජනප්රිය ක්රිකට් ක්රීඩක චාමික කරුණාරත්නට එරෙහිව පවරා ඇති නඩුව අද (08) අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාරියගේ නීතිඥවරිය කළ ඉල්ලීමක් එසේ ප්රතික්ෂේප කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලට අදාළව කරුණු සලකා බැලීමට නඩුව ජනවාරි 30 නැවත කැඳවීමට අධිකරණයෙන් නියම කර සිටියා.
සිද්ධියට අදාළ වගඋත්තරකරු වන චාමික කරුණාරත්න රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහරිමින් මහේස්ත්රාත්වරයා එලෙස නියෝග කළා.ගුවන් නියමුවරියක බව කියන සෙව්වන්දිසේනාධීර නමැත්තියක විසින්
ගොනුකර තිබු පැමිණිල්ලට අදාළ නඩුව අධිකරණය හමුවේ නැවත කැඳවූ ලැබුවා. විවාහවීමේ බලාපොරොත්තුව ඇතිව තමන් ක්රිකට් ක්රීඩක චාමික කරුණාරත්න සමඟ සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත් එහි ප්රතිඵලයක් වශයෙන් ඔහුටදාව තමන්ට දරුවෙක් සිටින බව ද ඇය සිය පැමිණිල්ල මඟින් අධිකරණයට දැනුම් දී තිබුණා.
පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ ජෙරුස තාම්බායියා නීතිඥවරිය සඳහන් කළේ සිද්ධියට අදාළව පීතෘත්වය සලකා බැලීමට ඩී.එන්.ඒ පරීක්ෂාවක් කිරීමට අධිකරණයෙන් නියෝගයක් ලබා දෙන ලෙසයි.
එම අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අසේල රැකවල සඳහන් කර සිටියේ.