ආසියානු ජේෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 50න් ඉහල හෙල්ලය විසි කිරීමේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනේෂා දීපානී ..

ආසියානු ජේෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 50න් ඉහල හෙල්ලය විසි කිරීමේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් 🥈දිනා ගත් ශ්‍රී ලංකාවේ දිනේෂා දීපානී ක්‍රිඩිකාවට,
අපගේ උණුසුම් සුබපැතුම් ! 💪🇱🇰❤️
මෙම ක්‍රීඩිකාව සඳහා සර්වජන බලය ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ව්‍යවසායක ජයන්ත අතපත්තු මහතා අනුග්‍රහක දායකත්වය දැක්වූ අතර අත්තනගල්ල හිටපු සභාපති,අත්තනගල්ල සර්වජන බලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාගෙන්ද දායකත්වය හිමිවිය.
මෙවර ආසියානු ජේෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩා ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇය තේරී පත්වූ බව දැනගත් විගස මෙම ක්‍රීඩිකාව පදිංචිව සිටි ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයේ ඇයගේ නිවසට ගිය ජයන්ත මහතා සහ පුෂ්පකුමාර මහතා ඇයගේ ක්‍රීඩා හැකියාවන් පිලිබදව ඉමහත් සතුටට පත් වෙමින් එවලෙහිම ඇයට මෙම සංචාරය සහ මින් ඉදිරියටත් තවත් තරඟ ඉසව් සඳහා ක්‍රීඩා කිරීමට ශක්තියක් වෙමින් අනුග්‍රාහක දායකත්ව ලබදුන් අතර, ඇයට ලැබුනු එම අභිප්‍රේරණය සමඟ මෙම තරඟා වලියට ඉදිරිපත් වී ඇය ජයග්‍රහණය අත්කරගෙන සිටීම අප ශ්‍රී ලාංකිකයින් විදියට ඉමහත් ආඩම්බරයකි.