“ගැහැනු අපි එක මිටට – ඇය නැගිටින විට නැගිටිනවා රට” කාන්තා දින සැමරුම සහභාගි වෙමින් . :- ජනපති අනුර කුමාර දිසානායක

බෞද්ධ සංස්කෘතියට අනුව අම්මා යනු දෙවන බුදුන්ය. එවැනි ගරුත්වයක් අප රටෙහි කාන්තා පරපුරට හිමි වේ. “ලොව පවතින්නේ හිරුගේ රශ්මියෙන් සහ මවගේ කිරිවලිනි” යන මහා ගත්කතුවර මැක්සිම් ගෝර්කිගේ වැකියද මෙහිදී සිහිපත් කරමින් දුක, වේදනාව සහ විශාල බරක් හිස මත සහ හදවතේ දරා ගනිමින් ඉකිගසන කාන්තා පරපුරට සිනාමුසු අනාගතයක් නිර්මාණය කර දීම අප රජයේ අභිප්‍රාය බවත්, ඒ වෙනුවෙන් වූ සැලසුම් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බවත් සඳහන් කළෙමි.
ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ වැඩසටහන, රටේ ආර්ථික ප්‍රතිලාභ සාධාරණව පහළට ගලා යාම වෙනුවෙන් ග්‍රාමීය දුප්පත් කම තුරන් කිරීමේ වැඩසටහන්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ, නිවාස ඉදිකිරීමේ වැඩසටහන්, කාන්තාවන් වෙනුවෙන් ව්‍යවසායකත්ව අවස්ථා පුළුල් කිරීම මෙන්ම අවවරප්‍රසාදිත කාන්තාවන් සහ යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති නව වැඩසටහන් පිළිබඳවද පැහැදිලි කළෙමි.
මනුෂ්‍යත්වයේ කොඩිය අතින් ගත් ජාතිය ලෙස ශ්‍රී ලංකා ජාතිය ලොව හමුවේ සන්නාමගත කරන බවත්, එවන් මනුෂ්‍යත්වයෙන් පිරි රටක් තුළ කාන්තාවන් සහ දරුවන් කිසිසේත් අනාරක්ෂිත විය නොහැකි බවත් අවාධාරණය කරමින් කාන්තා අයිතිවාසිකම් තහවුරු වූ පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ගොඩනැඟීමේ වැඩිපිළිවෙළ සමඟ ශක්තිමත්ව අත්වැල් බැඳගන්නා ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කළෙමි.





