භික්ෂූන් විසි දෙනමක් රුපියල් බිලියන 1.1 වටින මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටුපලේ දීඅත්අඩංගුවට..!

බැංකොක් බලා ගොස් නැවත සිය රට බලා එමින් සිටි තරුණ භික්ෂූන්වහන්සේලා විසි දෙනමක්, රුපියල් බිලියන 1.1ක පමණ වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ගමන් මළු තුල සූක්ෂ්මව අසුරා ඔවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙන ඒමට උත්සාහ දරා ඇති බව පැවසේ.

එක් අයෙකු කු-ෂ් සහ හෂීෂ් කිලෝ ග්‍රෑම් පහක පමණ ප්‍රමාණයක් බැගින් මෙම භික්ෂූන් විසි දෙනම සිය ගමන් බෑග තුළ සඟවා ගෙන විත් තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හරහා රට තුළට ගෙන ඒමට උත්සාහ දරා හසු වූ දැවැන්තම මත්ද්‍රව්‍ය තොගය බව පැවසේ.

Similar Posts