පාලකයින්ගේ මූල්‍ය අසමත්භාවයට එරෙහිව ජනතාව දැනුවත් කිරීම ….

රටේ මූල්‍ය ස්වෛරීභාවය පාවාදෙන වත්මන් රජයේ අක්‍රමිකතා සහ ජන පීඩනයට එරෙහිව “සර්වජන බලය” වීදි බසී.
වත්මන් රජය බලයට පත්වීමට පෙර වේදිකාවල ලබාදුන් කිසිදු පොරොන්දුවක් ඉටු කිරීමට අපොහොසත් වී ඇතිවා පමණක් නොව, දිනෙන් දින රටේ මූල්‍ය කළමනාකරණය අගාධයකට ඇද දමමින් සිටී. මෙම විනාශකාරී ගමනට එරෙහිව ජනතාව පෙළගැස්වීම සහ රජයට බලපෑම් කිරීම වෙනුවෙන් අද දින මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට අප සංවිධානය කළ විරෝධතාවයේ ප්‍රධාන කරුණු මෙසේ ඉදිරිපත් කරමි.
- භාණ්ඩාගාරයේ අනාරක්ෂිතභාවය සහ මූල්‍ය වංචා
රජයේ මූල්‍ය පද්ධතිවල ඇති දුර්වලතා හේතුවෙන් මහජනතාවගේ මුදල් ඩොලර් මිලියන 2.5 ක් වැනි දැවැන්ත ප්‍රමාණයක් හැකර්වරුන් විසින් සොරාගැනීම රජයේ බරපතල අසමත්කමකි. රටේ භාණ්ඩාගාරය පවා ආරක්ෂා කරගත නොහැකි පාලනයක් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද? - ඉන්ධන මිලදී ගැනීමේ මහා පරිමාණ දූෂණ
ලෝක වෙළඳපොළේ පවතින මිල ඉක්මවා යමින්, ඩොලර් 285 ක් වැනි අධික මුදලකට ඉන්ධන ලබාගැනීම හරහා සිදුවන මූල්‍ය අක්‍රමිකතා පිටුපස ඇති ගනුදෙනු වහාම හෙළිදරව් කළ යුතුය. ජනතාවගෙන් බදු අය කරමින් මෙවැනි නාස්තිකාර ගනුදෙනු සිදුකිරීම අප දැඩි ලෙස හෙළා දකිමු. - දරාගත නොහැකි බදු බර සහ ජීවන වියදම
පොරොන්දු වූ සහන වෙනුවට වත්මන් රජය සිදුකර ඇත්තේ වක්‍ර බදු හරහා ජනතාව තවදුරටත් මිරිකා හැරීමයි. විදුලි සහ ජල බිල:
අත්‍යවශ්‍ය සේවා මිල ඉහළ දැමීමෙන් සාමාන්‍ය පවුලකට ජීවත්වීමට ඇති අයිතිය අහිමි කර ඇත.
භාණ්ඩ හිඟය:
සහල් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම සහ කෘත්‍රිම හිඟයක් නිර්මාණය වීම තුළින් රජයේ පාලන මිල යාන්ත්‍රණය මුළුමනින්ම බිඳ වැටී ඇති බව පෙනේ. - දේශපාලන අස්ථාවරත්වය සහ පරස්පර විරෝධී ප්‍රකාශ
රජයේ පාර්ශ්වයන් අතර පවතින අභ්‍යන්තර මත ගැටුම් හේතුවෙන් රටේ පරිපාලනය අඩාල වී ඇත. මැතිවරණ වේදිකාවේදී ජනතාවට දුන් සහන ලබාදීමේ පොරොන්දු අද වන විට හුදු ප්‍රකාශ වලට පමණක් සීමා වී ඇති අතර, ප්‍රායෝගිකව සිදුවන්නේ ජනතාව තවදුරටත් අගාධයට ඇද දැමීමකි.
පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර මැතිතුමාගේ නායකත්වයෙන් යුත්
සර්වජන බලය ලෙස අප කියන්නෙ
ජනතාවගේ බදු මුදල් අවභාවිත කිරීම වහාම නතර කරනු!
මූල්‍ය කළමනාකරණයේ දුර්වලතා වසා ගැනීමට ජනතාව මත පටවා ඇති පීඩනය වහා ඉවත් කරනු! අප අද දින මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණියේ නිදා සිටින පාලකයින්ට ජනතාවගේ වේදනාව දැනුම් දීමට සහ මෙම අසාධාරණ ක්‍රියාවලියට එරෙහිව ජනතා බලය ඒකරාශී කිරීමටයි.”

copy from :- හසන් අලාල්දීන්
මාධ්‍ය ලේකම්,
සර්වජන බලය