පළාත් සභා ඡන්දය දෙසැම්බරයට කලින් තියනවා … යුගය

මේ වසර අවසානයට පෙරාතුව පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කොට සිටියේ අනිවාර්යයෙන්ම මේ වසර අවසාන වනවිට පළාත් සභා මැතිවරණය පවත්වා අවසන් කිරීමට ආණ්ඩුව තීන්දු කොට ඇති බවකි.

‘පළාත් සභා ඡන්දය තියෙනවා. කවුද කියන්නේ ප්‍රමාද කරනවා කියලා. අපිට දිට්වා තිබ්බා. මේ අවුරුද්ද ඇතුළත පළාත් සභා ඡන්දය තියෙනවා. බය වෙන්න එපා. කොයි කාලයේද කියලා කියන්න බෑ. අමාත්‍යාංශයනේ කරන්නේ. මේ අවුරුද්ද ඇතුළත තියෙනවා කියන අදහසේ තමයි අපි ඉන්නේ…’ යනුවෙන් අමාත්‍යවරයා සිකුරාදා (15) දිනයේදී මහනුවරදී සඳහන් කර සිටියේය.

Similar Posts