මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නව නියෝජ්‍ය පොලිස්පති ලෙස අශෝක ධර්මසේන පත්කරයි !!!!
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (PNB) නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති (DIG) අශෝක ධර්මසේන පත් කර තිබේ.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණ කෑගල්ල පොලිස් කොට්ඨාශයට මාරු කර තිබේ.
මීට අමතරව, තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 13 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 10 දෙනෙකු නව තනතුරු ලබාගෙන ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා පැවසීය.