අපවත්වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ දේහය වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරයට.

අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා දෙහිවල සරණංකර ක්‍රීඩංගණයේ දී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
උන්වහන්සේගේ ශ්‍රී දේහය අද පස්වරුවේ වැල්ලවත්ත ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයට වැඩම කෙරුණු අතර සම්බුද්ධ ශාසනයටත් බෞද්ධ සාහිත්‍යයටත් විශිෂ්ට මෙහෙවරක් කළ උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලකයින්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා.