පිහිණුම් තටාකයක් තුළ දරුවෙකු මියයාමේ සිද්ධියට 7ක් අත්අඩංගුවට

මිරිහාන ප්‍රදේශයේ හෝටලයක පිහිණුම් තටාකයකදී දරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 8 වනදා පාසලේ ගුරුවරුන් හා දරුවන් කණ්ඩායමක් සමග පුහුණුකරුවෙකු යටතේ පිහිණීමේ නිරතව සිටියදී එම දරුවා දියේ ගිලී ගියා.
කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණක් සිදුකර විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.
එම සිදුවීමට අදාළව දරුවාගේ පෙර පාසලේ සහකාර විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරුන් දෙදෙනෙකු, පෙරපාසල් සේවිකාවක් හා පිහිණුම් උදේශකයන් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.