මත්පැන් බලපත්‍ර ගාස්තු අද සිට ඉහල දමයි..

ජනාධිපතිවරයා විසින් මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව, මත්පැන් බලපත්‍ර ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය. නව රෙගුලාසි යටතේ, වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තුව, කර්මාන්ත ප්‍රවේශය සඳහා එක් වරක් ගාස්තුව සහ ආරක්ෂක තැන්පතු මුදල යන සියල්ල වැඩි කර ඇත. සංශෝධිත ගාස්තු ව්‍යුහය වහාම ක්‍රියාත්මක වන අතර, නව අනුපාත යටතේ ගෙවීම් 2026 ජනවාරි 1 වන දින සිට අදාළ වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි