ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් සහ දිලිත් අතර විශේෂ සාකච්ඡාවක් .. (Photos)

විපක්ෂය නියෝජනය කරන තවත් පක්ෂ ගණනාවක නියෝජිතයන් අද හමුවුණා. ඒ සර්වජන බලය පක්ෂ මූලස්ථානයේදීයි.

මෙහිදී වර්තමානයේ රටේ ජනතාව මුහුණ දෙන ගැටලු හා ප්‍රශ්න පිළිබඳව දීර්ඝව කරුණු සාකච්ඡා කළ අතර ඉදිරියේදී රට මුහුණ දෙන විවිධ වූ දුෂ්කරතාවයන් සහ ජනතාව එයින් මුදවා ගැනීමට විපක්ෂයක් වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝව සාකච්ඡා යෙදෙ .

මෙහිදී බල ශක්ති අර්බුදය ඇතුළු ප්‍රශ්න ගණනාවක් පිළිබඳව සාකච්ඡාවට ලක් වුණා.ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග ද මෙහිදී සාකච්ඡා කළා.

එමෙන්ම ජනතාව සහ රට වෙනුවෙන්, පොදු අරමුණක් ඔස්සේ කටයුතු කිරීම පිළිබඳව පැමිණ සිටි විපක්ෂ නියෝජිතයන්ට පෙන්වා දීමට හැකි වුණා.

Similar Posts