ඊශ්‍රායල “අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු “ලුහුබැඳ ගොස් මරා දමන බව ඉරාන අනතුරු ඇඟවයි .

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඝාතනය කරන බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අද 15 වන දින ප්‍රබල අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

එහිදී ඒ සම්බන්දයෙන් ඉරානය ප්‍රකාශ කොට සිටියේ නෙතන්යාහු “ළමා ඝාතක අපරාධකරුවෙකු” ලෙස හඳුන්වමින්, ඔහු පණපිටින් සිටින්නේ නම් සම්පූර්ණ ශක්තිය යොදවා ලුහුබැඳ ගොස් මරා දමන බව ඉරාන ආරක්ෂක බලකාය සිය නිල වෙබ් අඩවිය හරහා ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රකාශය නිකුත් වූයේ නෙතන්යාහු ඝාතනය වී ඇති බවට පැතිර ගිය කටකතාවලින් අනතුරුවය.

Similar Posts