ජන්ම දිනය නිමිත්තෙන් පා.ම දිලිත් ජයවීර ආගමික වතාවත්වලට එක්වෙයි .. (Photos)

ශ්‍රී ලංකාවේ වර්තමානය මෙන්ම අනාගතය අර්ථවත් කළ හැක්කේ බුදුදහම මත පෝෂණය වූ මෙරට සභ්‍යත්වය පදනම්කර ගනිමින් බව මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් පෙන්වාදෙයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ගම්පහ යටවත්ත පුරාණ රජමහා විහාරයේ අද (17) පැවති පුණ්‍යෝත්සවයකට එක්වෙමිනි. 

සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ඡන්ම දිනය නිමිත්තෙන් භික්ෂූන් වහන්සේ 260 නමක් විෂයෙහි දානමය පිංකමක් ගම්පහ යටවත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ විද්‍යාරවින්ද මහ පිරිවෙනේදී අද පැවැත්විය.

එහිදී අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වැනි ජන්ම දිනය සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනාවක්ද සිදු කෙරුණි.

මීට සමගාමීව කතෝලික ආගමික වතාවත් අද පැවැත්වුණේ කොළඹ  පිහිටි ජේසු බිලිදාගේ රන්දෙවොල සහ ජපමාල දේවමාතා දේවස්ථානයේදීය.  

මෙහිදී පැමිණ සිටි පිරිස සමඟ දිලිත් ජයවීර මහතා සුහද කතාබහකද නිරතවිය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *