‘2029 ජනාධිපති දිලිත් ජයවීර (ඉඳුනිල් රාජපක්ෂ)

“වත්මන් රජය පහළටම වැටෙද්දි සර්වජන බලය ඉහළටම ගියා, මේ වෙනකොට ජනතාව විකල්පයක් හොයමින් ඉන්න වෙලාවෙ ඒකට වෙන කවුරුත් නෑ, දිලිත් ජයවීර නායකතුමාගෙ දෑත් විතරයි පිරිසිදු. මඩ ගැහුවා. බොරු කියන පාලකයෝ පරාජය කරල, දූෂණය නැති කරලා ජනතාව ව්‍යවසායකින් කරන්න පුලුවන් දිලිත් ජයවීරට විතරයි. වෙන කාටවත් බෑ.”
” මේ රට වෙනස් කරා අපි, එන් පී පී එකට ඡන්දෙ දුන්නු අයගෙ බලාපොරොත්තු එකින් එක බිඳ වැටෙද්දි දිලිත් ජයවීරගෙ පක්ෂෙ විතරයි බය නැතුව හිටගන්න පුලුවන්. අනිත් පක්ෂ වගේ නෙවෙයි, පක්ෂය ගොඩනඟන්න වැඩපිළිවෙලක් නැති හැබැයි ජනතාව ගොඩනඟන්න වැඩපිළිවෙලක් තිබෙන්නේ අපිට විතරයි.”
රක්වාන ආසනයේ අම්බැවිල කොට්ඨාසයේ සර්වජන සභාව පිහිටුවීමේ හමුවකදී සර්වජන බලය රක්වාන ආසන සංවිධායක ඉඳුනිල් රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය.