තංගල්ල මුහුදු සීමාවේන් අයිස් සහා හෙරොයින් ..

ශ්‍රී ලංකා නාවික හමුදාව 2025.10.14 දින තංගල්ල මුහුදු සීමාවේ පාවෙමින් තිබු මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර 51 ක් සොයාගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සමඟ එක්ව සිදුකළ පරීක්ෂණ මගින් එම තොගයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 670 ග්‍රෑම් 676 ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156 ග්‍රෑම් 542 ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ග්‍රෑම් 36 ් සමන්විත වන බව අනාවරණය කරගත්හ.

ඒ් අනුව මෙම තොගය මෙරටට ගෙන්වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒ්කකය ආරම්භකළ මෙහෙයුමක් මගින් ගන්දර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු 2025.10.15 වන දින අත්අඩංගුවට ගැනීමට හැකි විය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සිව් දෙනෙකු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 180 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 780 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 660 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 220 ක් බැගින් තිබී ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරමට උපයෝගී කරගත් බවට සැකකරන ස්කූටර් 01 ක්, කාර් රථ 01 ක්, බෝට්ටු 01 සහ එම එන්ජින් 01 ක්, ජංගම දුරකථන 05 ක් ද විමර්ශක නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ගන්දර පොලිස් වසමේදී හා තංගල්ල පොලිස් වසමේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටවිල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාර දී ඇති අතර එම කාර්යංශය මගින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

Similar Posts