අත්අඩංගුවට ගත් ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ දිල්හාර විජේදාසට ඇප ..

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාස මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත්තේ, අද පෙරවරුවේ ය.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපල, නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරිමට යෙදවීමෙන්, රජයට පාඩුවක් කළ බවට ඔහුට චෝදනා එල්ල වෙයි.

ඒ හරහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට සිදුව ඇතැයි පැවසෙන පාඩුව, රුපියල් දහසය ලක්ෂ හැට හත්දහස් දෙසිය අනු හතරකි.

Similar Posts