දිවුලපිටිය තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ තරුණයෙකුගේ මළ සිරුරක් හමුවේ ..

දිවුලපිටිය පොලිස් වසමේ බලගල්ල ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටියදී ඊයේ (2025.10.15) දහවල් කාලයේදී සොයා ගෙන ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් වන මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණයකින් පසු මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

දිවුලපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Similar Posts