පාතාලය මර්දනය කරන එක ඉතා හොඳයි. හැබැයි මාධ්‍ය සංදර්ශන තියලා සමාජයට වැරදි පූර්වාදර්ශයක් දෙන්න එපා – ජයන්ත අතපත්තු

වත්මන් ජනාධිපතිතුමා ලබා දුන් පොරොන්දු ගොන්න තුළ ඉහළින්ම තිබුණ පොරොන්දුවක් තමයි මේ රටේ නීතිය සැමට සමානයි කියන එක. එම පොරොන්දු නිසා තමයි ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තියලා තුනෙන් දෙකක බලයකුත් දීලා තියෙන්නේ. නමුත් මේ වන විට මේ රජය නීතිය අවභාවිතා කරමින් නීතියේ දෙවඟන නාමයට අගෞරව වන ආකාරයෙන් අධිකරණය ව්‍යවස්ථාදායකය විධායකය පරිහානියට පත් කරලා තියෙනවා.

පොලිස් කොමිසම ඉවත් කරන්න කටයුතු කරල පොලිස් ස්ථානවල හරියට තම රාජකාරිය ඉටුකළ පොලිස් ස්ථානාධිපතිවරු පවා මාරු කරලා තමන්ට කැමති පක්ෂපාති පොලිස් ස්ථානාධිපතිවරු එම ස්ථානවලට පත් කරලා අනුයුක්ත කරලා තියෙනවා.
වත්මන් ආණ්ඩුව පත් වූ වහාම කලේ පාතාලය මර්ධනය කිරීම නොවෙයි වර්දනය කිරීමයි. එයට හේතුව නම් පාතාලය මර්දනය කිරීමට කටයුතු කල දක්ෂ පොලිසියේ ඉහළ නිලධාරීන්, දුර පළාත්වලට මාරු කරපු එක එය එසේ නොවුනානම් අද මේ පාතාල ක්‍රියාකාරකම් බොහොමයක් නොවන්නට ඉඩ තිබුනා.

පාතාලය මර්දනය කරන එක හොඳ වැඩක්. හැබැයි වත්මන් ආණ්ඩුවේ ජීවන උපාය වෙලා තියෙන්නේම මේ පාතාලය අල්ලන එක පසුගිය කාලයේ කෙසෙල් බද්දර පද්මේ අල්ලගෙන ඇවිල්ලා නාඩගමක් නැටුවා. ඒ වගේම පසුගිය දින සෙව්වන්දි ගෙනල්ලා සියලුම මාධ්‍ය ගෙනල්ලා මහා ලොකු උජාරුවෙන් පෙන්වීමට කටයුතු කළා.
පසුගිය රජයන් පවා පාතාලය අල්ලලා මෙරටට රැගෙන ඇවිල්ලා නීතිය හමුවට ඉදිරිපත් කළා. මිනිස්සු දන්නෙත් නැහැ. මේ වගේ මාධ්‍ය සංදර්ශන තිබුනෙත් නැහැ මෙහි ඇති භයානක කම නම් සමාජය සහ මේක බලන අපේ දරුවෝ වැරදි පූර්වාදර්ශයක් ගන්න පුළුවන් කියන එක තමන්ට නමක් හදාගන්න තමන් මොන ක්‍රමයකින් හරි ජනප්‍රිය වෙනවා නම් පාතාලන නායකයෙක් වෙලා හරි කමක් නෑ කියලා හිතෙන තත්වයට මිනිස්සුන්ගේ මනස වෙනස් කර ගත්තොත් ඒක සමාජයට වෙන ලොකු විනාශයක ආරම්භයක්.
තමන් පොරක් කියලා මාධ්‍ය වලින් පෙන්නලා මේ රටේ ඡන්දයක් ඉල්ලන්න පුළුවන් ගානට පාතාලය මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා ගනිමින් සිටිනවා එම අවස්ථාව හදලා දීලා තියෙන්නේත් වත්මන් ආණ්ඩුව විසින්මයි.

මම මේ රජයෙන් ඉල්ලන්නේ මේ වගේ මාධ්‍ය සංදර්ශන තියලා පොලිස් විමර්ශනවලට බාධාවන අයුරින් කටයුතු නොකරන ලෙසත් සමාජයට මේ තුලින් වැරදි පූර්වාදර්ශයක් නොදෙන ලෙසත්.

Similar Posts