රුපියල් ලක්ෂ 169 ක මහජන මුදලක්අවභාවිතා කිරීම;හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුවහෙට යළි කැදවයි..!

සිය බිරිඳගේ උපාධි ප්රධානෝත්සවයකට සහභාගී වීම සදහා රුපියල් ලක්ෂ 169 ක මහජන මුදල් ප්රමාණයක් අවභාවිතා කිරීම යන චෝදනාව මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පසුගිය අගෝස්තු 22 වන දා හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබී ය.
පසුව, කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවට පමුණුවන ලද හිටපු ජනාධිපතිවරයා, අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස මහේස්ත්රාත්වරිය විසින් නියෝග කර තිබුණි.
රෝගී තත්ත්වයක් ප්රකාශ කරමින් අත්අඩංගුවට ගත් දිනයේදීම කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ හිටපු ජනාධිපතිවරයා, අගෝස්තු 26 වන දා නැවත මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, පසුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරියේ ය.
ඒ අනුව, අදාල නඩුව නැවත හෙට දිනයේ දී කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිත