බරපතල ලිංගික අපයෝජනය !!

1995 අංක 22 දරන දණ්ඩනීති සංග්‍රහ (සංශෝධන) පනතේ 19 වන වගන්තියෙන් බරපතල ලිංගික අපයෝජනය යන වරද පිළිබඳ වූ අර්ථ දැක්වීම 1998 අංක 29 දරණ දණ්ඩනීති සංග්‍රහය (සංශෝධන) පනතෙන් නැවත සංශෝධනය කර අර්ථ දක්වා ඇත. එම වරද විස්තර කරනුයේ ද.නි.ස 365 (අ) ලෙස නම් කළ වගන්තියකිනි. 365 (ආ) වගන්තියෙහි බරපතල ලිංගික අපයෝජනය පහත පරිදි විස්තර කර ඇත.
ලිංගික තෘප්තිය ලබා ගැනීම සඳහා ලිංගේන්ද්‍රය හෝ මිනිස් ශරීරයේ වෙනත් යම් කොටසක් හෝ යම් උපකරණයක් හෝ වෙනත් තැනැත්තාගේ ශරීරයේ යම් කොටසක් පාවිච්චි කිරීමෙන්, පහත දැක්වෙන විස්තර අතුරින් යම් විස්තරයකට අය අයත් නම් එනම්,
අ.) ඒ අනෙක් තැනත්තාගේ කැමැත්ත නොමැතිව
ආ.) අනෙක් තැනැත්තා වයස අවුරුදු දහසයට අඩු තැනැත්තෙකු වූ විට ඒ තැනැත්තාගේ කැමැත්ත ඇතිව හො නැතිව
ඇ.) ඒ අනෙක් තැනැත්තා නීතියානුකූල හෝ නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටියදී බලහත්කාරය පාව්ච්චි කිරීමෙන් හෝ බියගැන්වීමෙන් හෝ රඳවා තබා ගැනීමේ තර්ජනයෙන් හෝ ඒ අනෙක් තැනැත්තාට මරණ භය හෝ තුවාල සිදු කිරීමේ භය ඇති කිරීමෙන් හෝ ඒ තැනැත්තාගේ කැමැත්ත ලබා ගෙන ඇති අවස්ථාවක එසේ ලබාගත් කැමැත්ත ඇතිව
ඈ.) අනෙක් තැනැත්තා සිහි විකලව සිටිය දී හෝ මද්‍යසාර නැතහොත් මත්ද්‍රව්‍ය මඟින් ඇති කරන ලද මත් අවස්ථාවක ඒ අනෙක් සිටිය දී ඒ අනෙක් තැනැත්තාගෙන් ලබාගත් කැමැත්ත ඇතිව
363 වගන්තිය යටතේ ස්ත්‍රී දූෂණය සංයුක්ත නොවන යම් ක්‍රියාවක් කරන තැනැත්තෙක් සිටී නම් ඔහු බරපතල ලිංගික අපයෝජනය සිදු කරන්නේය. 365 (ආ) වගන්තියෙහි කියන පරිදි බරපතල ලිංගික අපයෝජනය යනු ස්ත්‍රී දූෂණය යටතට නොවැටෙන සුවිශේෂි ලිංගික ක්‍රියාවකි. එබැවින් ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන් ද බරපතල ලිංගික අපයෝජනයට ලක්වීමට හැකියාව පවතී. එමෙන්ම ස්ත්‍රී දූෂණය මෙන් නොව බැපතල ලිංගික අපයෝජනය නම් වරදට ස්ත්‍රියක් වුවද වරදකරු කිරීමේ හැකියාව පවතී. බරපතල ලිංගික අපයෝජනයට ලක් වූ තැනැත්තා වයස අවුරුදු 16ට වැඩි නම් එම තැනැත්තාගේ කැමැත්ත තිබූ බව සමහර අවස්ථාවලදී විත්තිවාචකයන් ලෙස ගෙන ආ හැකි බව පැහැදිලිය. එය කැමැත්ත පිළිබඳ විත්තිවාචකය නම් වේ. 365 (ආ) (1) (ආ) සහ සහ 365 (ආ) (1) (ඇ) යන අවස්ථාවල දී කැමැත්ත පිළිබඳ විත්තිවාචකය ගෙන ඒමෙහි වැදගත්කමක් නොමැතිය.
2006 අංක 16 දරන පනතේ 13 වන වගන්තියෙන් සංශෝධිත ද.නි.ස 365 (අ) (2) වගන්තියෙන් බරපතල ලිංගික අපයෝජනයට අදාල දඬුවම විස්තර කරයි.
- බරපතල ලිංගික අපයෝජනය සඳහා දඬුවම් වසර 7 – 20 අතර කාලයකට බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීම සහ දඩයකි. ඊට අමතරව වරදට ලක්වු තැනැත්තාගෙන් වන්දි ගෙවන මෙන් ද නියම කරනු හැකිය.
- වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කළහොත් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළහොත් වැඩ ඇති සිර දඬුවම අවුරුදු 17 – 20 අතර කාලයක් දක්වා දීර්ඝ කරනු ලැබිය හැකිය. SriLankaPolice #PoliceMedia #මේඔබේපොලිසියයි #everyone