SJB සමඟ සාකච්ඡාවට UNP න් ත්‍රිපුද්ගල කමිටුවක්

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය

සමගි ජනබලවේගය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එජාප මහලේකම් නීතීඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතීඥ රොලන්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීහූ ත්‍රිපුද්ගල කමිටුවට ඇතුළත් වෙති.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව යළිත් අවධාරණය කරමු.

Similar Posts